WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුදු ඉර මත දී පදිකයෙකුට මරු කැඳවූ අනතුර

2025 November 24- Page Views : 10

පොළොන්නරුව, හබරණ මඩකලපුව මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ පදික මාරුවකින් ගමන් කළ පදිකයෙකු වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 60ක පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වැඩිදුර සඳහන්ය.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.