වසර දෙකක පෙම අහිමි වීමෙන් සිසුවිය දිවි නසා ගනී
2025 November 25- Page Views : 10
ප්‍රේම සම්බන්ධයක් බිඳවැටීම නිසා යාපනයේ වඩුක්කෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඊයේ (24) ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වඩුක්කෝඩෙයි මූලෙයි - ආලඩි ගම්මානයේ පදිංචිව සිටි අමිර්තලිංගම් කීර්තිකා නමැති ශිෂ්‍යාවක්.
ඇය පළාතේ තරුණයෙකු සමග වසර දෙකක ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර, එම තරුණයා වෙනත් තරුණියක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා සිත්තැවුලට පත්ව ඇය මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මියගිය පාසල් සිසුවියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වඩුක්කෝඩෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.