බෝට්ටුවක් පෙරළීයාමෙන් තරුණයෙකු මරුට
2025 November 26- Page Views : 28
පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 22ක් වන තරුණයෙකි.
කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් කලපුවේ ගිලීගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබේ.
කල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.