WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉදිරියේදී වසංගත රෝග අවදානමක්

2025 December 03- Page Views : 36

ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,

"පසුගිය දිනවල දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී දරුණු බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති වියහැකි යැයි අපි සෞඛ්‍ය අංශ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයෙත් යම්කිසි වැඩිවීමක් අපි අපෙක්ෂා කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් මේ වනවිට ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන්ගේ ඖෂධ මේ ආපදා තත්ත්වය සමග නැතිවී තිබෙන්නට පුළුවන්. එම නිසා ඔවුන් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා.