ආපදාවෙන් වැඩිම මරණ මහනුවරින්
2025 December 04- Page Views : 3
දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 04 වනදා දක්වා ලැබී ඇති වාර්තා අනුව දිවයිනේ වැඩිම ආපදා මරණ ගණන අතුරුදහන්වීම් ගණන වාර්තා කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 229 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (04) මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 32,987 කට අයත් පුද්ගලයින් 1,05,427 ක් පීඩාවට පත්ව ඇති බවයි. මෙයට අමතරව පවුල් 20,000 ක පුද්ගලයින්67,921 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 8471 ක පුද්ගලයින් 29,257 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 319 ක රඳවා ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය. ඉතිරි පවුල් 11,277 ප පුද්ගලයින් 41,017 ක පිරිස ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය. මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1259 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 10,014 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය. ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල සහායෙන් සිදු කරන බවත් රණවීර මහතා තව දුරටත් කීය