WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ප්‍රයත්නයට මාලදිවයින් ජනපතිගෙන් පූර්ණ සහාය

2025 December 05- Page Views : 10

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයාම් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව කණගාටුව පළ කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු, ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සිය උපරිම සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින්, මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි නොකරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය ක‍ර තිබෙනවා. මාලදිවයින් රජය සහ ජනතාව ලබා දෙන මෙම හෘදයාංගම සහාය මහඟු ශක්තියක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.