සෞඛ්‍ය නිවාඩු ගැන නිවේදනයක්
2025 December 05- Page Views : 10
හදිසි ආපදා තත්වය හේතුවෙන් නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කිරීමේ තීරණය පිළිබඳ කරුණු සමාලෝචනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පවතින වත්මන් තත්වය පිළිබඳ කරුණු සලකා බලමින් ඉදිරියේදී වඩාත්ම සුදුසු තීරණයක් ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධ නව තීරණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නුදුරේදීම දැනුම් දීමට නියමිත බව අමාත්‍යංශය කියයි.