WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 100 කුඩු කල්පිටියන් අල්ලයි

2025 December 06- Page Views : 1188

රුපියල් කෝටි 100 කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් හා හොරෝයින් තොගයක් කල්පිටිය ඉලප්පන්තිව් දුපත ආසන්නයෙදී අද අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මුහුදු මාර්ගයෙන් කල්පිටියට රැගෙන එමින් තිබු හෙරෝයින් කිලෝ කිලෝ 15 කට ආසන්න ප්‍රමානයක් සමග අයිස් කිලෝ 64 කට ආසන්න ප්‍රමාණයක්  මෙහි තිබී ඇතැයි නාවික හමුදාව  කියයි. අදාල මත්ද්‍රව්‍ය තොගය කුඩා ධීවර යාත්‍රාවක තිබි ඇති අතර  වැටලිම සිදුකරන අවස්ථාවේදි සැකකරුවන් පලා ගිය බවත් පලා ගිය සැකකරුවන් පිළිබදව මේ වන විට අනාවර්ණය කර ගෙන තිබේන බව ද කියයි. නාවික හමුදාව  අත් අඩංගුවට ගත් මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දී ඇති අතර මෙම අයිස් හා හෙරෝයින් තොගය විශාල උර තුනක අසුරා තිබු බවත් අයිස් පැකට් 31 ක කිලෝ 63 ග්‍රෑම්ස් 718 ප්‍රමානයක්ද හෙරෝයින් පැකට් 7 ක කිලෝ 14 ග්‍රෑම්ස් 802 ක ප්‍රමානයක් තිබි හමුව ඇති බව කියයි. මෑත ඉතිහාසයෙ කල්පිටිය මුහුදු ආසන්නයෙදී අත් නාවික හමුදාව අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවද කියයි.