හැටන් පාරෙන් ශ්‍රී පාද ගමනට සීමා
2025 December 06- Page Views : 11
ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇති වූ නායයෑම් තත්වය මත එම කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ. එමෙන්ම, ශ්‍රී පාද වන්දනාවේ යෙදීමට අපෙක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණ තත්වය හා ගමන් මාර්ගය පිළිබදව දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙස ද පොලිසිය දැනුම් දෙනවා.