යුනිසෙෆ්- අගමැතිනිනී හමු වෙයි
2025 December 12- Page Views : 3
යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
මෙහිදී නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත පිලිබඳ පළමු සමාලෝචනය සිදු කළ අතර දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සමපාත වන ලෙස නව ඩිජිටල් ප්‍රතිපත්තිය සැකසිය යුතු බව අවධාරණය කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිංස්කරණ වල ඇති විෂය මාලා ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු මූලික කුළුණු පහටම සහාය වන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
වත්මන් කෙටුම්පත ප්‍රධාන වශයෙන් විෂය මාලාව ආශ්‍රිත කරුණු කෙරෙහි කේන්ද්‍රගත වී ඇති බවත්, සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහිම බලපාන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.