WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිඩ්නි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස 15ක් දක්වා ඉහළට

2025 December 15- Page Views : 20

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් අවුරුදු 10ක දැරියක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 40 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, බොන්ඩයි වෙරළ තීරයේ ඊයේ (14) පැවති යුදෙව් ජාතිකයින්ගේ 'හනුක්කා' සැමරුම් උත්සවයකට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණා.

ප්‍රහාරය සිදුකළ වෙඩික්කරුවන් පිය - පුතු දෙපළක් බවට ඔස්ට්‍රේලියානු පොලිසිය මේවන විට හඳුනාගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ 50 හැවිරිදි පියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර 24 හැවිරිදි පුත්‍රයා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකින බව නවසීලන්තය, ඉරානය ඇතුළු රටවල් රැසක් ප්‍රකාශ කර ඇති අතර ප්‍රහාරයට ගොදුරු වූවන් වෙනුවෙන් ලොවපුරා රටවල් රැසක විවිධ සැමරුම් සිදුකර ඇති අයුරුද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.