WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පකිස්ථානයෙන් ආධාර නැවක් එයි

2025 December 15- Page Views : 7

විපතට පත් ජනතාවට ලබා දීමට පකිස්ථාන රජයෙන්  පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර බහාලුම් තොගයක්ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් ( Major General ( R) Faheem ul Aziz) මහතා විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී  ( CICT) නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට බාර අද(15) දුන්නේය.

විශේෂ නෞකාවකින් එම ආධාර ශ්‍රී ලංකා වරායට අද රැගෙන ආවේය.

රජය වෙනුවෙන් එම මානුෂීය ආධාර බාර ගැනීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු පැමිණියහ.

අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග, කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල් , ඇඳ ඇතිරිලි , ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ද මේ මානුෂීය ආධාර අතර වේ. තව ද විදුලිය නොමැති කඳවුරු වල හා නිවෙස් වල අවතැන් වී සිටින ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීමට හැකි ආලෝක පහන් තොගයක් මීට ඇතුළත්ය.