ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 12 ක්
2025 December 16- Page Views : 5
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් හෙවත් ඩොලර් කෝටි 12 ක් ප්‍රදානය කරන බව ලෝක බැංකුව පැවසීය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීමට එම අරමුදල් උපකාරීවනු ඇති බව ද ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බවත් මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් ප්‍රදර්ශනය කළ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරන බවත් ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව රැකියා උත්පාදනය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සැපයුම් වැනි ප්‍රධාන අංශවල උපදේශන සහාය සහ උපායමාර්ගික ආයෝජන ලබා දීමෙන් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.