ඉරාන නැවේ මළ සිරුරු 84ක් සොයා ගනී
2026 March 05- Page Views : 6
අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මළ සිරුරු රැගෙන ඒම සදහා අවශ්‍ය බෑග් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශය මගින් නාවික හමුදාව වෙත ලබා දි තිබුණි. රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබු මළ සිරුරු වලින් කොටසක් මෘත ශරිරාගාරයේ තැන්පත්කිරිමට කටයුතු කළ බවත් ඉතිරි මළ සිරුරු අයිස්කැට අතුරා තැන්පත් කිරිමට කටයුතු කළ බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. අනන්‍යතාවය තහවුරු කර ගැනිම සදහා සෑම මළ සිරුරක්ම ඡායාරුපගත කිරිමට කටයුතු කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර මහතා සදහන් කළේය. එකි මළ සිරුරුවල මුහුණු ඡායාරුපගත කොට ලේඛනගත කිරිමට කටයුතු කළ බවද හෙතෙම පවසයි. ඉතිරි මළ සිරුරු තැන්පත් කිරිම සදහා අද (05) ශිතාගාරයක් ලැබිමට නියමිතව ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර,මහතා වැඩිදුරටත් සදහන් කළේය.