මත් ජාවාරමට සම්බන්ධ යුවළක් ඇතුළු 5ක් අල්ලයි
2025 December 16- Page Views : 39
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කඩු දෙකක්ද සමඟින් මුලතිව් හීදි අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
මුලතිව් දිස්ත්‍රික් දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත මුලතිව්,මුංගිලාරු ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී සැකකරුවන්,සැකකරුවන් සතුව තිබු මත්ද්‍රව්‍ය හා කඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය .
සැකකරුවන් කලෙක පටන් ප්‍රදේශයේ අයිස් අැතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකොට ඇති බවට සිදුකළ විමර්ශනයන්ගෙන් අනාවරණය වු බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබි රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක්,කඩු දෙකක් හා මුදලින් රුපියල් 61000 ක් තිබි අත්අඩංගුවට ගත් බවත් කීය.