WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානයේ විරෝධතා නරක අතට - පුද්ගල මරණ 7ක්

2026 January 02- Page Views : 1874

ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, විරෝධතාවල පස්වන දිනය ගතවද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේ දී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු මියගොස් ඇත.

එමෙන්ම බටහිර ඉරානයේ අස්නා හිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු සහ කෞඩාෂ්ට් හි තවත් අයෙකු මියගොස් තිබේ.

බොහෝ විරෝධතාකරුවන් රටේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඇතැම් පිරිස් රාජාණ්ඩුව නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව සඳහන්.