අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයේ පවුල් 1,800කට බලපෑම්
2026 January 02- Page Views : 1873
ඇෆ්ගනිස්තානයේ, කබ්කාන් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් සිදු වූ ආපදාවලින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම නිවසක වහලයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ පස්දෙනෙකු මියගොස් ඇති බව ද සඳහන් වේ.
ආපදා හේතුවෙන් පවුල් 1,800කට පමණ බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත.