WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි

2026 January 05- Page Views : 1874

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි.

ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම රැස්වීම පවත්වන බවයි සඳහන්.

මෙම හමුව එරට වේලාවෙන් අද පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බවයි සඳහන්.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සම්බන්ධ වන බව විදෙස් වාර්තා කරනවා.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් විසින් ඉකුත් (03) වැනිදා මෙසේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියා.