WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබල භූ කම්පනයක්

2026 January 05- Page Views : 1875

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ඇතුළු ඊසානදිග ප්‍රදේශ කිහිපයක අද (05) අලුයම රික්ටර් මාපකයේ 5.1 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, අද අලුයම 4:17 ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි කේන්ද්‍රය ඇසෑම් ප්‍රාන්තයේ මොරිගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය ආශ්‍රිතව පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 50 ක් ගැඹුරින් පිහිටා තිබූ බවයි වාර්තා වෙන්නේ.

මධ්‍යම ඇසෑම් ප්‍රදේශයේ මොරිගාඕන් සහ ඒ අවට දිස්ත්‍රික්ක රැසකට භූ කම්පනය තදින් දැනී තිබෙනවා.

අධික ශීතල සහ මීදුම සහිත කාලගුණයක් පැවතියද, භූ කම්පනයත් සමඟ කලබලයට පත් වූ ජනතාව තම නිවෙස්වලින් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාවේ ඊසානදිග කලාපය භූමිකම්පා බහුලව සිදුවන ඉතා සංවේදී කලාපයක් (Seismic Zone V) ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.