ඉරානයේ උත්තරීතර නායකයා පළවා හැරීමේ විරෝධතා දරුණුවෙයි
2026 January 09- Page Views : 28
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බවය.
මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව බව සඳහන්.
ඔවුන් දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ.
ඊයේ (8) සවස ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති අතර, එය ආරක්ෂක හමුදා විසින් විසුරුවා හැරීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ.
එය පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් ද සිදුකර ඇත.
ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම ඇතුළු කරුණු රැසක් මුල්කරගමින් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇත.
අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) අනාවරණය කර ඇත්තේ, අවම වශයෙන් විරෝධතාකරුවන් 34ක් මේ වනවිට මරණයට පත්ව ඇති බවය.
එමෙන්ම ඔවුන්ගෙන් පස් දෙනෙකු ළමුන් බවත් සඳහන්.
මේ වනවිට විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
කෙසේ නමුත් නෝර්වේ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් නිරීක්ෂකයෙකු (IHR) පවසා ඇත්තේ, ආරක්ෂක හමුදා විසින් ළමුන් අට දෙනෙකු ඇතුළුව අවම වශයෙන් විරෝධතාකරුවන් 45 දෙනෙකු ඝාතනය කර ඇති බවය.