නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දෙන්න මචාඩෝ කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
2026 January 11- Page Views : 12
නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නෝර්විජියානු නොබෙල් ආයතනය සඳහන් කර ඇත්තේ නෙබෙල් සාම ත්‍යාගය මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවය.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක අමෙරිකානු මෙහෙයුම අධීක්ණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා සමග සිය නොබෙල් සම්මානය හුවමාරු කර ගැනීමට තමන් කැමති බව මචාඩෝ පසුගියදා විදෙස් රූපවාහිනි වැඩසටහනකදී පවසා තිබුණි.
එහිදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමන්ට හිමිවූ නොබෙල් සම්මානය වෙනිසියුලානු ජනතාවගේ ත්‍යාගයක් බවත් එය අමෙරිකානු ජනාධිපතිවරයා සමග හුවමාරු කර ගැනීමට තමන් සූදානම් බවය. එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම මෙහෙයුම ඓතිහාසික සහ එය ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් කරා තැබූ දැවැන්ත පියවරක් වන බවත් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත් වෙනිසියුලානු විපක්ෂ නායිකාවකගේ මෙම ප්‍රකාශයත් සමග නොර්විජියානු නොබෙල් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ නොබෙල් සාම ත්‍යාගයක් අවලංගු කිරීමට හැකියාවක් නොමැති බවය. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
තවද නොබෙල් පදනමේ ප්‍රඥප්ති අනුව ත්‍යාගයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ත්‍යාග ප්‍රධානය කිරීමේ ආයතනයක තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බවත් ස්ටොක්හෝම් සහ ඔස්ලෝ හි ත්‍යාග ප්‍රදානය කිරීමේ කමිටුවලින් කිසිවක් වරක් ප්‍රදානය කරන ලද ත්‍යාගයක් අවලංගු කිරීම් ගැන සලකා බලා නොමැති බවත් එහි සඳහන්ව ඇත.
එමෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් නෝර්විජියානු නොබෙල් කමිටුව සාම ත්‍යාගයලාභීන්ට ත්‍යාග පිරිනැමීමෙන් පසු ඔවුන් පවසන සහ සිදු කරන දේ සම්බන්ධව අදහස් නොදක්වන බවත් යම් වසරක් සඳහා නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ යුත්තේ කාටද යන්න තීරණය කරන මොහොත දක්වා නම් කරන ලද අපේක්ෂකයින්ගේ කාර්යය සහ උත්සාහයන් ඇගයීමට සීමා වනු ඇති බවත් එහි සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් නොබෙල් ත්‍යාගයක් අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ අන් අයට මාරු කිරීමට නොහැකි බවත් නොබෙල් ආයතනය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ව ඇත.