ඩුබායිහි සැඟව සිටි පාතාලයෝ 02ක් සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ කතක් මෙරටට ගෙනෙති
2026 January 16- Page Views : 9
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් රජයේ මුදල් වංචාවන්ට සම්බන්ධ කාන්තාවක් හා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළෙන් අද (16) දිවයිනට රැගෙනු එනු ලැබුවා.
මෙම පිරිස එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මොවුන් දිවයිනට රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිසි අධිකාරි එෆ්. යු වුට්ලර් සඳහන් කළේ.
දිවයිනට රැගෙන ආ අපරාධකරුවන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනහරට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නැමැත්තාගේ ප්‍රධානම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තා ද සිටින බව සඳහන්.
එමෙන්ම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගහ ඉන්දික නැමැති අපරාධකරුගේ සමීපතමයෙකු වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නැමැත්තා ද දිවයිනට රැගෙන ආ පිරිස අතර සිටින බව වාර්තා වනවා.