WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටෙයි

2026 January 17- Page Views : 1875

ඊශ්‍රායල දකුණු දිග බටහිර ඉවුරේ බෙත්ලෙහෙමට නැගෙනහිරින් පිහිටි කිසාන් නගරය අසලදී ඊශ්‍රායල හමුදා හෙලිකොප්ටරයක් අද අනතුරට පත් වී තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ මේ සතිය මුලදී එට්සියොන් බ්‍රිගේඩ් ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ මෙම හෙලිකොප්ටරය වෙනත් යානයක් මගින් ඇදගෙන යන අතරතුර කැබලිවලට කැඩී බිමට වැටී ඇති බවයි. මෙම අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නැහැ. මෙම අනතුර පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙස ගුවන් හමුදාපතිවරයා නියෝග කර තිබෙනවා.