WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

2026 January 19- Page Views : 27

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 21ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (18) දින සවස් වරුවේ සිදුව ඇති මෙම අනතුරින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

කොර්ඩෝබා නගරයට ආසන්නව පිහිටි ඇඩමුස් නගරය අසලදී මෙම සිදුවීම සිදුව ඇති අතර මාලගා සිට මැඩ්රීඩ් දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියක් පීලි පැන අසල මාර්ගයකට කඩා වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මේ සමග මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය වූ තවත් දුම්රියක්ද පීලි පැනීමකට ලක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

අනතුරින් පසු මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා අතර සියලුම දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර මාලගා සිට ධාවන වූ දුම්රිය තුළ මගීන් 300කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියේ රියදුරුද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඇතැම් පාර්ශ්වයන්ගේ තත්ත්වය බරපතළ බවද වාර්තා කර තිබේ.