WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තයේ නායයෑමකින් පිරිසක් අතුරුදන්

2026 January 22- Page Views : 1874

නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නවසීලන්ත සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍ර දේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බව සඳහන් වේ.

ජීවිත බේරාගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටියි.

පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම් ද වාර්තා වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

ඕක්ලන්ඩ් නගරය අවට බොහෝ ප්‍රදේශවලට දැඩි බලපෑම් සිදු ව ඇති අතර කාලගුණ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබී ඇත.

ඕක්ලන්ඩ් නගරයට උතුරින් පිහිටි මහුරංගි ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මාර්ග ද ජලයෙන් යට වී ඇති බැවින් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් වලින් වැළකී සිටින ලෙස ද දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.