WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාන්තා ළමා කටයුතුවලට නව නීති

2026 January 27- Page Views : 5

කාන්තා හා ළමා කටයුතු විෂයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂයේ නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර ඇත. ඒ අනුව, පහත සඳහන් පරිදි නව නීති හඳුන්වා දීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ළමයින්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කරන නව නීතියක් හඳුන්වා දීම. * 'ළමා අයිතිවාසිකම් පනත' ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුගතව නව පනතක් හඳුන්වා දීම. * 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඉවත් කර, ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීම. * කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීම. * 1939 අංක 48 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම. * 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥා පනත සංශෝධනය කිරීම. * 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතසංශෝධනය කිරීම.