සීනි සේවකයෝ කෑම පැයේ විරෝධතාවක
2026 January 27- Page Views : 5
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සෙවනල සීනි සමාගමේ සේවක සේවිකාවෝ අද දහවල් කෑම පැයේ ආයතනය ඉදිරිපස දොරටුව ඉදිරිපිට විරෝධතා උද්ගෝෂණයක නිරත වූහ.
මෙම රජය බලයට පත් වීමෙන් පසු 2025 වර්ෂයේ පෙබරවාරි මස සිට කප්පාදු කරන ලද වැටුප නිසි වැටුප් තලයක පිහිටුවා ලබා දෙන ලෙසත් එසේ කරන තෙක් ලබා දෙන බවට පෙරොන්දු වූ රුපියල් (10,000) දස දහසක දීමනාව ලබා දෙන ලෙසත් ඉල්ලා විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මෙම ආණ්ඩුව බලය අරගෙන 2025 වර්ෂයේ පෙබරවාරි මස සිට සේවක සේවිකාවන්ගේ වැටුප කප්පාදුවට ලක් කළා එමගින් අප හට විශාල මූල්‍ය පාඩුවක් මේ වන විට සිදුව තිබෙනවා. ඒ පිලිබදව පසුගිය වර්ෂයේදී සභාපති තුමිය සමග සාකච්චා කලාම එම වැටුප නිසි වැටුප් තලයක පිහිටුවා ගෙවීමට පියවර ගන්නා තෙක් රුපියල් (10,000) දස දහසක අතිරේක මුදලක් පඩියට එකතු කරන බවට පොරොන්දු වුව එම රුපියල් (10,000) දස දහස පැල්වත්ත සීනි ආයතනයේ සේවක සේවිකාවන්ට ගෙවනවා නමුත් සෙවනගල අපිට එයින් රුපියල් (5,000) පන්දහසක් අඩු කර ගෙන රුපියල් (5,000) පන්දහසයි ගෙවන්නේ. .
අපි ඉල්ලන්නේ නිසි වැටුප් තලයක පිහිටුවන තුරු ගෙවන්න පොරොන්දු වූ පරිදි රුපියල් (10,000) දස දහසක මුදල ගෙවීමට කටයුතු කරන ලෙසත් කප්පාදු කරන ලද වැටුප වෙනුවට නිසි වැටුප් තලයක ඉතා ඉක්මණින් පිහිටුවා වැටුප ක්‍රමවත්ව ගෙවීමට කටයුතු කරන ලෙසයි.