WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දාහතේ දරුවෙක් අතුරුදන්වීමක් ගැන පැමිණිල්ලක්

2026 January 27- Page Views : 5

පෞද්ගලික උපකාරක පංතියට සහභාගි වීම සඳහා ඊයේ (26) පස්වරුවේ නිවසින් ගිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥවරයෙකුගේ පුතෙකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි .

මෙසේ අතුරුදහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය උසාවිය පාරේ 17 හැවිරිදි දරුවෙකි.

සිය පුතා උපකාරක පන්තියක සඳහා නිවසින් ගිය බවත් යලි නොපැමිණිම සම්බන්ධවත් නීතිඥවරයකු වන පියා මේ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

අතුරුදහන් වූ අයගේ පාපැදිය සහ සටහන් පොත් මැකේහෙයිසර් ක්‍රීඩාංගනයේ පිටුපස තිබී සොයාගෙන ඇතැයි පොලීසිය කීවේය.