WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පියතුමාට පහරදුන් සිද්ධියේ පොලිසියේ 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව රැගෙන එයි

2026 January 29- Page Views : 8

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අද (29) අධිකරණයට රැගෙනවිත් තිබේ.

අදාළ නඩුව අද දිනයේ යළි කැඳවීමට නියමිත අතර සැකකරුවන් 6 දෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස රැගෙනවිත් තිබේ.

සිද්ධියට මුහුණ දුන් කතෝලික පියතුමා ඇතුළු පිරිසක් ද මේ වනවිට අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇත.

පියතුමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරීන් හය දෙනාගේ වැඩතහනම් කිරීමට පියවර ගැනිණ. 

මෙම සැකකරුවන් පසුගිය 26 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් අද (29) දින දක්වා රක්ෂිත බන්ධනාග ගත කරන ලදී.