අනියම් පෙම දිවි අහිමි කරයි
2026 January 29- Page Views : 12
පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම තිබේ.
ඊයේ (28) දහවල් බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරු ද ගෙළ කපාගෙන ඇති බව පොලීසිය පවසයි.
මියගොස් අත්තේ අවුරුදු 40 ක් වූ රදලියද්ද, බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.
සැකකරු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.