WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 57ක් අවලංගුයි

2026 March 03- Page Views : 18

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ.

ඒ අනුව මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 28ක් සහ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 29ක් අවලංග වී ඇත.

මේ අතර හෙට (04) දිනේය දී ද ගුවන් ගමන්වාර 4ක් අවලංගු කර තිබේ.

මැදපෙරදිගට යන සහ එන මෙන්ම එම කලාපය හරහා වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා තවදුරටත් තාවකාලිකව අවලංගු කර ඇති බව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසයි.

කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ ගුවන් ගමන් කිහිපයක් පමණක් එම කලාපය හරහා අද පෙරවරුවේත් පියාසර කළ බවය.