WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සංකීර්ණ නීති බාධක ඉවත් කරනවා

2026 March 09- Page Views : 11

රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන සංකීර්ණ නීතිමය බාධක ඉවත් කර ජනතාවට කඩිනම් සහන සැලසීම රජයේ ප්‍රමුඛතාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ පවතින අතිශය සංකීර්ණ ඉඩම් ගැටලු නිරාකරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන පරිපාලනමය ගැටලුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් "නීති සායන"ට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. මහනුවරදී පැවැති මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ අතීතයේ සිට පැවත එන බණ්ඩාරගම්, හේවාගම් සහ ප්‍රවේණි වැනි සංකීර්ණ ඉඩම් පද්ධතීන් මෙන් ම 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින් පසු ඇති වූ මුඩුබිම් පනත් හේතුවෙන් පාරම්පරික ඉඩම් අයිතිය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇති බවයි. වර්තමානය වන විට අධිකරණ පද්ධතියේ පවතින ඉඩම් නඩු වසර 40-50ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යන අතර, බොහෝ විට මුල් පාර්ශවකරුවන් පවා දැන් ජීවතුන් අතර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.