හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නෞකා රැසකට අමෙරිකාවෙන් ප්‍රහාර
2026 March 11- Page Views : 10
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබේ.
මෙම ප්‍රහාරයේ දර්ශන අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් X සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇත.
ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මේ අතර ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.