WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පා පුවරුවෙන් ඇදවැටී දෙදරුපියා මරුට

2026 March 11- Page Views : 8

බේරුවල , මස්සල හන්දියෙන්  මාතර දක්වා ගමන් කරමින් තිබූ  පුද්ගලික මගී බස් රථයකට පසුපස දොරින් ගොඩ වූ පුද්ගලයෙකු  ගාලුපාරේ බස්නැවතුමක ආසන්නයේදී  පාපූරුවෙන් ඇද වැටී රෝහල් ගත කරන විටත් මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද(11)  පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ   අංක 23/28 , පන්සල පාර,  මස්සල, බේරුවල ලිපිනයේ පදිංචිව සිටි කෙරුවාගේ  ඡන්ද්‍ර කුමාර  ප්‍රනාන්දු(52) නමැති විවාහක දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා  ඊයේ (10) දින රාත්‍රී දහයට පමණ  කොළඹින් ගමන් අරඹා මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයකට බේරුවල මස්සල හන්දිය  බස්නැවතුමෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ ගොඩවී පාපූරුවේම රැඳී සිට්‍ යදි බස් රථය ඉදිරියට ගමන් ගෙන මීටර් සීයක පමණ දුරකදි  ඇද වැටි සිදුවූ බරපතල තුවාල සහිතව බේරුවල රෝහලට ගෙන ගිය බවත් පොලීසිය කියයි.