WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නිති විරෝධිව රැස්කළ ඩීසල් සමඟ 4ක් අල්ලයි

2026 March 12- Page Views : 5

නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (11) දින සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බියගම පහල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

එලෙස නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන බියගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන්ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහන වලට මුදල් ලබාදී එම රථවල ටැංකි වලින් ඩීසල් ලබා ගෙන ඔවුන් විසින් සකස්කර ඇති ටැංකි වලට ගබඩා කර විකිණීම් සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි  කියයි.

සැකකරුවන් අවුරුදු 20, 22, 32 හා 42 වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ හා නෙළුම්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.