ලොරියක ගැටී පුද්ගලයෙකු මිය යයි
2026 March 12- Page Views : 471
අපරීක්ෂාකාරී ලෙස ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කළ යතුරු පැදිකරුවෙකු එම ලොරියේ ගැටී මිය ගොස් තිබෙනවා.
මහනුවර ගලහ නගරයේ දී එකම දිශාවට ගමන් ගත් ලොරි රථයක් පසුකර යෑමට උත්සහ කළ යතුරු පැදිකරුවෙකුයි මෙලෙස අනතුරට ලක්වුණේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.
මෙම අනතුර සී සී ටී වී කැමරාවක ද සටහන් වුණා.