WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අද ඉන්ධන නොදීම නිසා කොලොන්නාව නිමාව වෙත පැමිණි බවුසර් හැරී යයි

2026 March 21- Page Views : 13

අද (21) සහ හෙට (22) යන දිනයන්වල ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව පැවසුවත් අද දිනයේ කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙන බව වාර්තා වෙයි.

අද දෙරණ වාර්තාකරුවන් පවසන්නේ ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද උදෑසන කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් ආපසු හැරී යන ආකාරය දැක ගන්නට හැකිවූ බවය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (20) පැවසුවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.

කෙසේවෙතත් එවන් පසුබිමක මෙලෙස අද කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් හැරී යන අයුරු දක්නට ලැබුණි.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා බලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එම උත්සාහයන් අසාර්ථක විය.