WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාමසාන් උත්සවය අදයි

2026 March 21- Page Views : 13

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (21) යෙදී තිබේ.

කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස් නොවීම හේතුවෙන් දින 30ක ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය නිමකර රාමසාන් උත්සවය සැමරීම මෙලෙස අද සිදු කරන බවය.

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයේ නියම කර ඇති පරිදි උපවාස ශීලය අවසන් කෙරෙන දිනය රාමසාන් දිනය ලෙසින් සැලකෙයි.

රාමසාන් උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයා දර්ශනය වීම අනුවය.

මසක් පුරා උපවාසය රැකීමෙන් දිළිඳු ජනතාවගේ කුසගින්න අවබෝධ කරගැනීමත්, අසරණ දිළිඳු හා රෝගී ජනයාට ආහාරපාන හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමත් මෙහිදී සිදුවෙයි.