සැඟවු තෙල් තොගයක් යාපනය-කිලිනොච්චියෙන් සොයාගනී
2026 March 23- Page Views : 8
යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ කළ වැටලීම් වලදී ඩීසල් ලීටර 5,470 ක් , පෙට්‍රල් ලීටර 2,020ක් සහ භූමිතෙල් ලීටර 420 ක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි.
නීතිවිරෝධීව රැස්කර තිබෙන ඉන්ධන තොගයක් පිළිබඳව යාපනය පොලිසියට ලැබුණ තොරතුරක් අනුව යාපනය , උරුතු ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඩීසල් ලීටර 4700ක් , පෙට්‍රල් ලීටර 800ක් සහ භූමිතෙල් ලීටර 420ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
කිලිනොච්චිය රාමනාදපුරම් හි සිදුකළ වැටලීමකදී නිවසක සඟවා තිබූ පෙට්‍රල් ලීටර 1220ක් , ඩීසල් 770ක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවටගත් බව සඳහන් කළේය.
පොලිසිය පැවසුයේ වැඩිමිළට අලෙවි කිරීම සඳහා මෙම ඉන්ධන රැස්කරගෙන ඇති බවට විමර්ශනවලදී අණාවරණයවූ බවත්ය. අත්අඩංගුවටගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.