WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩීසල් ලීටර් 1,820ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

2026 March 24- Page Views : 471

බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සේරුනුවර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.