නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට
2026 March 25- Page Views : 471
බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මොරගහහේන ගෝනපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.
සැකකරුගේ නිවස පිහිටි ඉඩමේ නවතා තිබූ පානදුර ප්‍රදේශයේ ඉන්ධන හලකට අයත් බවුසර් රථයක ඩීසල් ලීටර් 6600ක් සොයාගෙන ඇත.
එමෙන්ම නිවස තුළ සඟවා තිබියදී ඩීසල් ලීටර් 152ක් අඩංගු බැරලයක් සහ පෙට්‍රල් ලීටර් 120ක් අඩංගු බැරලයක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.