ඉරානයත් සටන් විරාමයට එකඟවෙයි - සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයි
2026 April 08- Page Views : 14
ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හේර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.
ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටද අබ්බාස් අරග්චි පවසයි.
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණි.
අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවය.