WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොදෙන බව චීන තානාපති කියයි 

2026 April 10- Page Views : 6

මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් පවසයි. 

තානාපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු කියා සිටියේය. 

මේ වන විට මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති බැවින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වනු ඇත.

එහිදී තනාපතිවරයා අවධාරණය කළේ, යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ එම තත්ත්වය චීනයේ සිනොපැක් සමාගම හරහා කළමනාකරණය කිරීමට කටයුතු කරන බව හෙතෙම කීය.

මෙරට ආර්ථික ගොඩනැගීමට අවශ්‍ය සියලු ආකාරයේ සහාය චීන රජය විසින් ලබා දෙනු ඇත.

මේ වනවිට මැදිපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව පවතිනවා නම් ඊට තමන් කැමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් අවධාරණය කළේය. 

කෙසේවෙතත් ඉදිරියේ සිදුවන සෑම සිදුවීමකටම මුහුණදීමට සහ ලංකාවට අවශ්‍ය පිහිට ලබාදීමටත් චීනය සූදානමින් සිටින බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.