හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට
2026 April 16- Page Views : 20
සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) දිනට යෙදී තිබේ.
හෙට පෙරවරු 5.38ට යෙදී ඇති සුබ මොහොතින් රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරී මිශ්‍ර කිරි බතක් ද හෙළ මෝරු ද උදු මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර උතුරු දිශාව බලා හදීසි රාජකාරී කටයුතු සඳහා පිටත්ව යෑම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන්ය.
අප්‍රේල් 20 වන සඳුදා දින පෙරවරු 6.27ට යෙදෙන සුබ මොහොතින් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබේ.
ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර දකුණු දිශාව බලා හෝ එදිනම පෙරවරු 6.50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ තල මිශ්‍ර කිරි බතක් ද, දී කිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
මේ අතර පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ට යෙදී තිබේ.
රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.