ආණමඩුව කරඹෑවේ අවුරුදු උත්සවයේදී ගැටුමක් - හතක් රෝහලේ
2026 April 19- Page Views : 6
ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. ගම්වාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම අවුරුදු උත්සවයට පැමිණි සිටි දෙපිරිසක් අතර පැරණි ආරවුලක් මුල් කරගමින් උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත. ඉන් අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුර ගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ. අදාළ ගැටුම සඳහා අවුරුදු උත්සවයට එක්වු 20කට ආසන්න පිරිසක් එක්ව තිබූ බවට තොරතුරු වාර්තා වෙයි. තුවාල ලැබූ පිරිසකගේ තත්ත්වය බරපතල නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු හා ප්‍රකාශ මත පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ආණමඩුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.