WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 6කට අධික කුෂ් සමග විදෙස් ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

2026 April 20- Page Views : 4

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අද (20) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් දෙදෙනා ඉන්දුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු 22 හැවිරිදි අයෙකු වන සහ අනෙක් තැනැත්තිය 30 හැවිරිදි කාන්තාවක් බවත් වාර්තා වේ.

ඔවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඒවා ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

එහිදී මෙරටින් පිටමං කරවීමට උත්සාහ කර ඇති අතර ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසකට ආසන්න බවත් වාර්තා වේ.

ඔවුන් විසින් ගමන්මලු 02ක් තුළ පැකට් 05ක් ලෙස කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 401ක් සඟවා මෙලෙස මෙරටට රැගෙන විත් ඇත.

මෙම ගුවන් මගීන් දෙදෙනා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.