WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ - ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

2026 April 21- Page Views : 5

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි. සිය x ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ. මෙම චෝදනාවත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් කථානායකවරයා අනතුරු අඟවන්නේ පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බවය. වොෂින්ටනය උත්සාහ කරන්නේ සාකච්ඡා මේසය යටත් වීමේ මේසයක් බවට පත් කිරීමට වන බව ද ඔහු සඳහන් කර තිබේ. එමෙන්ම නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම් වී සිටින බවටද ඔහු අනතුරු ඇඟවීමක් කර ඇත.