මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට මුදල් කාරක සභාව අද රැස්වෙයි
2026 April 28- Page Views : 471
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් තීරණය කරන බවය.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
මුදල් කාරක සභාව විසින් අදාළ සිදුවීම පිළිබදව සිදුකරන සොයාබැලීම්වලට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සදහන් කළේය.