WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිතුරන් සමඟ කටුපිල වැවේ දියනෑමට ගිය සාපෙළ සිසුවා දිය රකුසාට බිලි

2026 May 02- Page Views : 7

සෙවනගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ සවස මෙම අනතුර සිදුවු බවට සෙවනගල පොලීසියට ලද පණිවිඩයක් අනුව විමර්ශනය ආරම්භ කර තිබුණි.  එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 16ක් වූ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. මියගිය සිසුවා තවත් මිතුරන් පිරිසක් සමඟ කටුපිල වැවේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.  මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සෙවනගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.