WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක්

2026 May 02- Page Views : 5

2026 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙන්නේ, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා සීමාවෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවය. එමෙන්ම මේ වනවිට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් ඇය අනාවරණය කළාය. පුද්ගලයෙකුට දින 2කට වඩා උණ පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමු වී එය ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි. වෛද්‍යවරයෙකු හමුවන තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ශක භාවිතා කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.